Friday, February 24, 2012

අපේ ඇන්ටි කිතුල් කොට කන හැටි


අපේ ගෙට උඩින් ගෙදර ඇන්ටි කෙනෙක් ඉන්නවා. එයා කොළඹ පැත්තෙ. ගමේ ජාති දන්නේනෑ. අපි දවසක් කිතුල් තලප හදන්ඩ  කියල කිතුල් කොටයක් ගෙනාවා.ඊට පස්සෙ කිතුල්කොටය කුස්සියෙ තියල කපන්ඩ පිහියක් අරන් එනකොට. ඒ ඇන්ටි ඉදන් ඒක කන්ඩ වගේ බලන් ඉන්නවා. මේක මෙහෙමම කනවද? කියල අපිට හිනාගියා. අපේ අච්චි කීවා ඔහොම කන්නේ අලි. ඔහොම නෙමේ කියලා හදල දුන්නා. ඊට පස්සෙ එයා අලියෙක් වගේ හෙන ගොඩක් කාලා නිදියෑවා. එයාට අපි කියන්නේ බතලි කියලයි.